
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බුළුවාව ප්‍රදේශයේ පරිසර විනාශයට වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අම්බුළුවාව පනත අවලංගු කරන ලෙසත් ඉල්ලා මහනුවර සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.
අම්බුළුවාව කන්දේ නායයෑමකින් මියගිය ගම්පොළ ජිනරාජ පිරිමි විද්‍යාලයේ ගුරුවරියක වූ මල්ලිකා තෙබුවනආරච්චිට යුක්තිය ඉටු කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
2009 දී අම්බුළුවාව දි. මු.ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ පනත හඳුන්වා දුන් විට පාර්ලිමේන්තුවේදී විරෝධතා මතු කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩාර ද විරෝධතාවට එක්ව සිටියේය.
අම්බුළුවාව කන්ද පාමුල ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවෝ ද මෙම විරෝධතාවට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart