
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ තුරඟ තරඟ පිටියේ ගුඩ් මාර්කට් පරිශ්‍රයේ පැවති ‘අන්තර්ජාතික කඩමණ්ඩිය සහ සංස්කෘතික ප්‍රසංග 2024’ හි අංගයක් ලෙස කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෝස්‌තර නිරූපණ වැඩසටහනකට සහභාගී වූහ.
එහිදී දේශීය ඇඳුම්වලින් සැරසුණු රාජ්‍ය තාන්ත්‍රිකයන් කැපී පෙනිණි.
මෙම උත්සවයෙන් ලැබෙන අරමුදල් අක්මා රෝග ප්‍රතිකාර සඳහා වන රාගම පිහිටි එම්.එච්.ඕමාර් අක්මා පහසුකම ප්‍රතිකාර මධ්‍යස්ථානයට පිරිනැමේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සහ ගුඩ් මාර්කට් කලම්බු එක්ව දෙවැනි වසරටත් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart