
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය රුපියල් කෝටි 1250කට අධික මුදලක් වැය කළ බව කියන ආසියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට්ගේ සහ අනාගත ලේලිය රාධිකා මර්චන්ට්ගේ තුන්දින පෙර මඟුල් සැණකෙළිය ඊයේ ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් හි පිහිටි අම්බානිගේ වතුයායේදී අවසන් විය.
මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් සහ ගෞතම් අදානි ඇතුළු ලොව නොම්මර එකේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, කටාර් දේශයේ අගමැති මොහොමඩ් බින් තානි, කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර්, භූතානයේ රජු ජිග්මි කේසාර් සහ ජෙට්සුන් රැජන සහ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් වැනි ජාත්‍යන්තර අවධානය දිනූ දේශපාලඥයන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මාන් ඛාන්, රජිනිකාන්ත්, කරීනා කපූර්, අක්ෂේ කුමාර් ඇතුළු ඉන්දීය සිනමාවේ සුපිරි තරු සමඟ මහේන්ද්‍ර සිං දෝනි, සචින් තෙන්ඩුල්කර් ඇතුළු ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ආරාධිතයන් ලෙස සහභාගි වූ මේ දින තුනේ පෙර මඟුලේ සමාරම්භක දිනය වර්ණවත් වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 4ක් (ඇතැම් වාර්තාවලට අනුව එය ඩොලර් මිලියන 9කි) ගෙවා පුත්‍රයාගේ පෙර මඟුලට අම්බානිගෙන් වූ ලෝක පොප් ගී තරුව රිහානා ය.
දහසකට වැඩි ආරාධිතයන්ට දින තුනක පෙර මඟුලේ එක් එක් දිනවලට වෙන් කළ විශේෂිත ඇරියුම්පත් තිබූ අතර, සෑම දිනකම ඔවුන් සැරසිය යුතු ඇඳුම් පැලඳුම් ආදිය සඳහා උපදෙස් පත්‍රිකාවක් ද ඇරියුම් පතට අමුණා තිබූ බව වාර්තා වේ.
පෞද්ගලික ජෙට් යානා සහ අම්බානි විශේෂයෙන් මුදල් ගෙවා වෙන් කරනු ලැබූ සැහැල්ලු ගුවන් යානා මුම්බායි සහ නවදිල්ලි ගුවන්තොටුපොළේ සිට ජම්නගර් දේශීය ගුවන්තොටුපොළට අමුත්තන් රැගෙන පියාසර කළ අතර, එහි සිට විශේෂිත ආරක්ෂාව යටතේ අම්බානිගේ වතුයායට කැටුව ගොස් තිබිණි.
දින තුනක පෙර මඟුලේ ආහාර පිසීම සඳහා ඉන්ඩෝර් ප්‍රාන්තයෙන් ගෙන්වනු ලැබූ ඉහළම මට්ටමේ සූපවේදිහු සිය දෙනකු ආහාර පිසීමේ කටයුතු වල නිරතව සිටියහ. පෙර මඟුල සඳහා උදෑසන, දිවා සහ රාත්‍රී ආහාරවේලට අමතරව මැදියම් රැයේ ආහාර වේලක්ද ඇතුළත් වූ අතර, ආහාර වර්ග 500ක් අමුත්තන්ට සංග්‍රහ කිරීමට කටයුතු යොදා තිබිණි.
විශේෂත්වය වූයේ ඒ කිසිදු ආහාර වර්ගයක් අමුත්තන්ට දෙවැනි වරට සංග්‍රහ නොකිරීම බව ද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart