
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ අත්පත් කර ගැනීමට මැලේසියානු සමාගමක් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමඟ හවුල්වීමට නියමිතය.
ඒ අනුව MMAG Holdings Bhd හි පූර්ණ අනුබද්ධිත MMAG Aviation Consortium Sdn Bhd (MAC) ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සීමාසහිත Supreme Global Holdings (Private) සමඟ හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
MMAG පවසන්නේ ගුවන් භාණ්ඩ අංශයේ විශේෂඥයකු වන තම ගුවන් සේවා අංශය මෙම සහයෝගීතාව ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීමේදී සුප්‍රීම් ග්ලෝබල් වෙත සහායක් වනු ඇති බවයි.
ඔවුන්ගේ අදහස වී ඇත්තේ සුප්‍රීම් ග්ලෝබල් සමඟ සහයෝගීතාවයෙන්, සමාගම් දෙකෙහිම ස්ථාන ශක්තිමත් කරමින් සහ ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගතියට දායක වීම තුළින් MMAG සමූහයට ගුවන් සේවා සහ සැපයුම් කර්මාන්තයේ ගෝලීය අඩිපාර වැඩි දියුණු කිරීමට ඉඩ සසැලසෙනු ඇති බවයි.
ගිවිසුමේ නියමයන් යටතේ, සුප්‍රීම් ග්ලෝබල් සහ එහි හවුල්කරු විසින් ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීමෙන් පසුව, එහි භාණ්ඩ පෝෂක ජාලයක් පිහිටුවීම සඳහා MAC විසින් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ මෙහෙයුම් සහාය ලබා දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart