
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ නව පාලනය විසින් රජය හරහා සිදුකෙරෙන සියලුම ෆෙඩරල් ප්‍රදාන සහ ණය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ධවල මන්දිරයේ අයවැය කාර්යාලයේ අභ්‍යන්තර ලිපි උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය මේ බව වාර්තා කර ඇත.
ඒ අනුව අමෙරිකාවේ ”ෆෙඩරල් නියෝජිතායතන සියලු ෆෙඩරල් මූල්‍ය ආධාර හෝ බෙදාහැරීම සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් තාවකාලිකව නතර කළ යුතුය” යනුවෙන් ධවල මන්දිර කළමනාකරණ කාර්යාලය සහ අයවැය වැඩබලන අධ්‍යක්ෂ මැතිව් වේත් සඳහන් කර ඇති අතර, ඊට අදාළ ලිපියේ පිටපතක් සීඑන්එන් පුවත් සේවය විසින් ලබාගෙන ඇතැයි පැවසේ.
තීරණයට අනුව නව ප්‍රදාන නිකුත් කිරීම ද ට්‍රම්ප් පරිපාලනය විසින් අවහිර කර තිබේ.
ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති නියෝගය සහ එහි විෂය පථය පිළිබඳව සම්පූර්ණ පැහැදිළි කිරීමක් නොමැති බැවින් තීරණයෙන් ඇතිවන අවදානම සම්බන්ධයෙන් පුළුල් ව්‍යාකූලත්වයක් පවතින බව සඳහන් වේ.
මෙම නියෝගය මගින් ආපදා සහනවල සිට පිළිකා පර්යේෂණ දක්වා වන අමෙරිකාවේ ෆෙඩරල් වැඩසටහන් සඳහා වෙන්කෙරෙන ඩොලර් බිලියන ගණනක් අවහිර කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
”මෙම තාවකාලික විරාමය මඟින් නියෝජිතායතන වැඩසටහන් සමාලෝචනය කිරීමට සහ නීතියට සහ ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවලට අනුකූලව එම වැඩසටහන් සඳහා අරමුදල් බෙදීයෑම තීරණය කිරීමට පරිපාලන කාලය ලබාදෙනු ඇත” යනුවෙන් ධවල මන්දිර කළමනාකරණ කාර්යාලය සහ අයවැය වැඩබලන අධ්‍යක්ෂ මැතිව් වේත් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙම අත්හිටුවීම පසුගිය සතියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගවලට අනුකූල බව ද ඔහු පවසයි.
කෙසේවෙතත් සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභවලට බලපෑමක් ඇති නොවන අතර SNAP හෝ ආහාර මුද්දර ලෙස හැඳින්වෙන අතිරේක පෝෂණ ආධාර වැඩසටහන ඇතුළුව “පුද්ගලයන්ට සෘජු ප්‍රතිලාභ ලබාදෙන” කිසිදු වැඩසටහනක් සඳහා මෙම නියෝගය බලනොපාන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart