
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහන ලබා දීමට රජය සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් පවසයි.
මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට බලපත්‍ර තවදුරටත් ලබා නොදෙන බව ඔහු පැහැදිලි කළේය.
ඊයේ (20) රාත්‍රියේ ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ ‘360°’ වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
තීරණය පැහැදිලි කරමින් ඇමැති හේරත් පැවසුවේ, සියලුම මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සහතික කිරීමට රජය පියවර ගන්නා අතර එමඟින් තනි වාහන ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart