
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීත්‍යනුකූල සහ නීතිවිරෝධී මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් 50ක් පමණ මියන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් ප්‍රකාශ කළේ මුළු ජනගහනයෙන් 20%කටත් වඩා අඩු සංඛ්‍යාවක් තවමත් මත්පැන් පානය කරන බවයි.
ඔවුන් අතරින් 34.8%ක් වයස අවුරුදු 15ට වැඩි පිරිමින් වන අතර, මත්පැන් භාවිත කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය 0.5 ක් තරම් ඉතා අඩු මට්ටමක පවතී.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, මෙරට මුළු මධ්‍යසාර භාවිතයෙන් 10%ක් පමණ වන නීති විරෝධී මධ්‍යසාර භාවිතයේ සැළකිව යුතු ඉහළ යෑමක් ඇත.
“අපේ රටේ සමස්ත මධ්‍යසාර භාවිතය දෙස බැලුවහොත්, එය තවමත් මුළු ජනගහනයෙන් 20% කටත් වඩා අඩුයි. අවුරුදු 15ට වැඩි පිරිමින් අතර 34.8%ක් මත්පැන් භාවිත කරන අතර කාන්තාවන් සංඛ්‍යාව 0.5%ක් ලෙස ඉතා අඩු මට්ටමක පවතිනවා. මෑතකදී කැපී පෙනෙන ප්‍රවණතාවක් වන්නේ නීති විරෝධී මධ්‍යසාර භාවිතයේ තියුණු වැඩිවීම. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, මධ්‍යසාර භාවිතයෙන් 10%ක් පමණ නීති විරෝධී. නීති විරෝධී මධ්‍යසාර හේතුවෙන් මරණ 5-6ක් සිදුවන බව අපි දකිනවා. කෙසේවෙතත්, අද වන විට මත්පැන් නිසා දිනකට පුද්ගලයන් 50ක් පමණ මිය යනවා, මෙයට නීතිමය සහ නීති විරෝධී භාවිතය යන දෙකම ඇතුළත්. ඒත් කිසිවෙක් ඒ ගැන කතා කරන්නේ නැහැ.” යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් ද සේරම් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart