
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මහ මැතිවරණය අවසන් වනතුරු පාලන බලය පවත්වාගෙන යෑම සඳහා නව භාරකාර ඇමැති මණ්ඩලයක් නිර්මාණය කරන බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසයි.
අනුර කුමාර දිසානායක ජනපතිවීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කිරීමට සැලසුම් කර ඇති බවත්, හරිනි අමරසූරිය, විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණආරච්චිට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් යුතු කැබිනට්ටුවක් නිර්මාණය කිරීම සැලසුම වී ඇති බවත් ඔහු සඳහන් කර තිබුණේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ජාතික ජන බලවේගය අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ අවසන් සජීව සංවාදය වන මෙහිදී තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳ කරුණු හෙළි කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart