May 13, 2025

කොත්මලේ, ගෙරන්ඩි ඇල්ල ප්‍රදේශයේ දී ජීවිත 22ක් බිලිගත් මාරක බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හතරදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය ඉරිදා අලුයම අනතුරට ලක්විය.

අනතුරට හේතු වූ ප්‍රධාන සාධක පරීක්ෂා කර අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ක්‍රියාත්මක කළ හැකි වැළැක්වීමේ පියවරයන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කමිටුවට උපදෙස් දී තිබේ.