
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගුවන් නියමුවකු දරු ප්‍රසූතියකට සහාය ලබාදීම සඳහා නියමු කුටියෙන් පිටව ගිය පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම ගුවන් නියමුවා Jakarin Sararnrakskul නමැත්තෙකු බවත් ගුවන් යානා පියාසැරිය සම්බන්ධයෙන් වසර 18 ක පළපුරුද්දක් ඇති ඔහු එක් දරු පියකු බවත් වාර්තා අනාවරණය කරයි.
VietJet ගුවන් යානයක් තායිවානයේ තායිපේ සිට තායිලන්තයේ බැංකොක් දක්වා පියාසර කරවමින් සිටියදී එම ගුවන් නියමුවා මෙම හදිසි අවස්ථාවට මුහුණ දී ඇත.
මගී කාන්තාවක් ගුවන් යානයේ එක් නාන කාමරයක ප්‍රසව වේදනාවෙන් පසුවන බව ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ගුවන් නියමුවාට දන්වා තිබේ.
එම අවස්ථාවේදී ඔහු නියමු කුටියෙන් පිටව ගොස් ඇත්තේ යානය මෙහෙයවීමේ කටයුතු සිය සහය නියමුවරියට පැවරීමෙන් අනතුරුවයි.
අනතුරුව ඔහු ප්‍රසව වේදනාවෙන් ගුවන් යානය තුළ සිටි ගැබිනි මවට ඇගේ දරුවා බිහිකිරීමට සහාය ලබා දී තිබේ.
යානය තායිලන්තය වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව එම ගුවන් නියමුවා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන් මීට පෙර කිසිදු දිනෙක (විශේෂයෙන් ඔහුගේ වසර 18ක ගුවන් නියමු වෘත්තීය කාලය තුළ) මෙවැනි අත්දැකීමකට මුහුණ පා නොමැති බවයි.
අදාළ දරුවා සහ මව යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බවත්, ගුවන් යානය ගුවන් තොටුපොළට ගොඩබස්වන විට ඔවුන්ව භාරගැනීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් ගුවන් තොටුපළට පැමිණ සිටි බව වාර්තා සඳහන් කරයි.
ගුවන් නියමුවා පවසා ඇත්තේ, දරුවෙකු ලෝකයට ගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් තමන් මහත් ආඩම්බරයට පත්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart