May 19, 2025

AIDA කෲස් සමුහයේ නෞකාවක් වන AIDAstella සුඛෝපභෝගී කෲස් නෞකාව පළමු වරට හම්බන්තොට අන්තර්ජාතික වරාය වෙත යාත්‍රා කර තිබේ.

එම සමුහයට අයත් කෲස් නෞකාවක් හම්බන්තොට වෙත යාත්‍රා කළ පළමු අවස්ථාව ද මෙය වේ.

ඉතාලියේ ජෙනෝවා ධජය යටතේ යාත්‍රා කරන නෞකාවක් වන AIDAstella, මගීන් 2,000ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 620ක් රැගෙන මැලේසියාවේ සිට පැමිණ තිබිණි.

මීටර් 253.26ක දිගකින් යුත් මෙම නෞකාව AIDA හි Sphinx පන්තියේ බලඇණියේ හත්වැනි නෞකාව වන අතර එය මාලදිවයින බලා යාත්‍රා කරමින් සිටී.

යාල ජාතික වනෝද්‍යානය, ඓතිහාසික ගාලු කොටුව සහ හම්බන්තොට ජනප්‍රිය කුරුළු උද්‍යානය ඇතුළු දකුණු පළාතේ වඩාත් කැපී පෙනෙන ආකර්ෂණීය ස්ථාන කිහිපයක් ගවේෂණය කිරීමට මෙහිදී මගීන්ට අවස්ථාව ලැබී තිබිණි.