
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ ග්‍රේටර් මැන්චෙස්ටර් ප්‍රදේශය වෙත නවීන AI කැමරා පද්ධතියක් හඳුන්වා දීමෙන් පසු දුරකථනය භාවිත කරමින් සහ ආසන පටි පැළඳ නොසිටින දහස් ගණනක් මෝටර් රථ රියදුරන් හඳුනා ගැනීමට හැකි වී ඇත.
රිය පැදවීමේදී ආසන පටි පැළඳ නොසිටී හෝ සිය ජංගම දුරකථන භාවිත කරමින් සිටි පුද්ගලයන් 3,200කට වැඩි පිරිසක් සති පහක කාලයක් තුළ හසු කර ගන්නා ලදී.
‘Heads Up’ කැමරා පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා ලද ඡායාරූප මගින් පෙනීගොස් ඇත්තේ රියදුරන් තම තම ජංගම දුරකථන කනේ තබාගෙන සිටින ආකාරයත් ඇතැම් විට දරුවන් පවා ඔවුන් අසල සිටින ආකාරයත්ය.
ග්‍රේටර් මැන්චෙස්ටර් හි නියෝජ්‍ය නගරාධිපති කේට් ග්‍රීන් පැවසුවේ මෙම පින්තූර බොහෝ දෙනෙකුට අනතුරු ඇඟවීමේ ඇමතුමක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
රීවරු අසුනේදී ජංගම දුරකථන භාවිත කිරීමෙන් අවධානය වෙනතකට යොමු වූ රියදුරන් 812ක් සහ ආසන පටි නොදැමූ සිදුවීම් 2,393ක් පද්ධතිය මගින් වාර්තා කර ඇත.
අවස්ථා කිහිපයකදී, වැරදි හඳුනා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහ මානව රූප හඳුනා ගැනෙන සංයෝජනයක් භාවිත කරන කැමරා, වැඩිහිටි සහ ළමා මගීන්ගේ ආසන ආරක්ෂිතව සවි කර නොතිබීම හෝ ආසන පටි පැළඳ නොසිටින බව ද සොයා ගන්නා ලදී.
මෙම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ රිය පැදවීමේදී දුරකථනය භාවිත කරන්නේ නම් අනතුරකට සම්බන්ධ වීමේ සම්භාවිතාව සිව් ගුණයකින් වැඩි බවත්, ආසන පටි පැළඳ නොසිටින්නේ නම් මිය යෑමට ඇති ඉඩ දෙගුණයකින් වැඩි බවත්ය.
කෙසේවෙතත් නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක් වූ මෙම හඳුනාගැනීම් ඔස්සේ කිසිවෙකුට තවමත් නඩු පවරා නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart