
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට ස්වභාවික වායු(LNG) සැපැයීමට සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග අද අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
ශ්‍රී ලංකාවේ LTL Holdings Limited සමාගම සහ ඉන්දියාවේ Petronet LNG Limited ඒකාබද්ධව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
සමාගම් දෙකම එක්ව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් ඇගයීමට ලක්කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඔස්සේ පිරිසිදු සහ වඩා තිරසාර බලශක්ති උත්පාදනයක් කරා යන ශ්‍රී ලංකාවේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ එක්ව ඇත.
නුදුරේදීම ආරම්භ කෙරෙන කෙරවලපිටියේ සෝබධනවි බලාගාරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ LNG සැපයීම සඳහා LTL සහ PLL ඒකාබද්ධ සංවර්ධනයක් සඳහා මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ කටයුතු කෙරෙයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart