May 11, 2025

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකරනු ඇති බව Sunday Times වාර්තා කරයි.

‘බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් සහ වධහිංසා කුටි පිහිටුවීම සහ නඩත්තු කිරීම’ පිළිබඳ විමර්ශන කොමිසම ලෙස නිල වශයෙන් හැඳින්වෙන කොමිසමේ ක්‍රියාදාමයන් අඩංගු ලේඛන සමඟ වාර්තාව, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.

සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා නීතිපතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීමට නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.

ඊළඟ නීතිමය පියවර තීරණය කිරීම සඳහා කණ්ඩායම වාර්තාවේ නිරීක්ෂණ සහ නිර්දේශ අධ්‍යයනය කරනු ඇත.