
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවවලින් පසු පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පාසල් ශිෂ්‍යාවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ පුරුදු වැඩි දියුණු කිරීම සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ අභියෝගවලට මුහුණ දෙන ගැහැණු ළමුන් සඳහා අවස්ථා ලබාදීම මෙම තීරණයේ ඉලක්කය බව ඔහු පැවසීය.
ඒ අනුව දුෂ්කර, අති දුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ දරිද්‍ර ලෙස හඳුනාගත් පාසල්වල පාසල් සිසුවියන් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවකට සනීපාරක්ෂක තුවා ලබාදීමට පියවර ගැනේ.
ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධ කෙටුම්පතක් දැනටමත් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
මේ සඳහා රජයෙන් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදන රු. බිලියන 1ක් වන අතර, එක් වවුචරයක වටිනාකම රු.1,200 කි.
පාසල් සිසුන් අතර සෞඛ්‍ය සම්පන්න පුරුදු ශක්තිමත් කරමින් ආර්ථික අපහසුතා ඇති පවුල්වල ගැහැණු ළමුන් සඳහා සහය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බව ද ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart