
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාව පනවා ඇති ආනයන බදු හේතුවෙන් පත්ව සිටින අපහසුතා සහ අභියෝග සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි එවැනි තත්ත්වයන් හමුවේ මැදිහත්වන ලෙසත්, ගැටළු විසඳා ගැනීම සඳහා සහය දක්වන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, දකුණු කොරියාව, ජපානය, යුරෝපා සංගමය, වියට්නාමයම, ඊශ්‍රායලය වැනි රටවල් මේවනවිටත් අමෙරිකාව සමග සාකච්ඡාමය ක්‍රියාමාර්ගවලට ගොස් සිටින බව සහ ඇතැම් රටවල් අමෙරිකානු ආයෝජන සඳහා බදු ශුන්‍ය කර ඇති බවයි.
ලංකාවට ද එවැනි පියවර ගත හැකි බවත්, අමෙරිකාවට පමණක් බලපැවැත්වෙන ආනයන බද්දක් හෝ ඉදිරිපත් කර ආර්ථිකය තවදුරටත් කඩා වැටීමෙන් ආරක්ෂා කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා ලෝක වෙළඳ සංවිධානයෙන් බාධා එල්ල නොවනු ඇති බවත්, රට මුහුණ පා තිබෙන තත්ත්වය පෙන්වා දී අමෙරිකාවට පනවා ඇති බදු ප්‍රතිශත වෙනස් කිරීමට හෝ පියවර ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart