December 13, 2025

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව, රුපියල් 4,000 දක්වා විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබා දෙනු ඇත.

විශේෂ බැංකු ණය හෝ කලින් ලබා ගත් විශේෂ අත්තිකාරම් සඳහා වාරික ගෙවීම පැහැර හැර ඇති කිසිදු රාජ්‍ය නිලධාරියකුට මෙම දීමනාව අදාළ නොවන බව චක්‍රලේඛයේ සඳහන් වේ.

2026 ජනවාරි 1 සිට පෙබරවාරි 28 දක්වා ගෙවීම් කළ හැකිය.

එහි තවදුරටත් සඳහන් වන්නේ වාර්ෂිකව සියයට 8ක පොලියක් අයකරමින්, එම මුදල සමාන මාසික වාරික දහයකින් අයකර ගන්නා බවයි.