
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය රජය මන්නාරම මහ රෝහලට රුපියල් මිලියන 600ක පරිත්‍යාගයක් අනුමත කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව මෙම අනුමත කිරීම සිදුකර ඇත.
එම රුපියල් මිලියන 600ක පරිත්‍යාගය මන්නාරම මහරෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට සහ වෛද්‍ය උපකරණ සැපයීමට යොදා ගනු ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්ගේ මෙහෙයවීම යටතේ පළාත් සභාව විසින් ව්‍යාපෘති යෝජනාවක් සකස්කර එය සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම ඉල්ලීම පිළිගැනීමත් සමඟ ඉන්දීය රජය රුපියල් මිලියන 600ක පරිත්‍යාගය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart