
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදානි සමූහ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති සුළං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව නව රජය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර විදේශයන්හි ව්‍යාප්ත කිරීමේ උත්සාහයට බාධාවක් වී ඇති බව වාර්තා වේ.
සීමාසහිත Adani Green Energy හි මෙම ව්‍යාපෘති සඳහා පසුගිය පාලනාධිකාරිය විසින් විදුලි මිල අනුමත කිරීම ගැටලුවක් බව විදේශ ඇමැති විජිත හේරත් කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වාර්තාකරුවන්ට පැවසීය.
නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු නව රජය මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් යළි අවධානය යොමුකරන බව ඔහු පැවසීය.
අදානි ගනුදෙනුව නැවත තක්සේරු කිරීමේ පියවර පසුගිය මාසයේ අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ දී දුන් ප්‍රතිඥාවකි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවයට තර්ජනයක් ලෙස හඳුන්වමින් එය අවලංගු කරන බවට දිසානායක සපථ කර තිබිණි.
ඇමැති හේරත් අඟහරුවාදා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ නොගන්නා බවයි.
දිසානායකගේ ජයග්‍රහණය නොතකා, ශ්‍රී ලංකාවේ ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ඔහුගේ කණ්ඩායමට තිබුණේ ආසන තුනක් පමණි.
ආසියාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන අදානිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙරට බහුවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බැවින් විදුලි ගනුදෙනුව සඳහා වන ඕනෑම අභියෝගයක් ගෞතම් අදානිගේ අභිලාෂයන්ට පහරක් වනු ඇත.
එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවේ අනුග්‍රහය ඇතිව කොළඹ වරාය පුළුල් කිරීම ද ක්‍රියාවට නංවන ඔවුන්ගේ ව්‍යාපෘතිවලට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart