May 14, 2025

බස්රථ සම්බන්ධ රිය අනතුරු වැඩිවීම හමුවේ දුර ගමන් මගී බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍යඒකකයට අනුව, මෙම වැඩිදුර පරීක්ෂා කිරීම් ප්‍රධාන වශයෙන් රාත්‍රියේදී සිදු කෙරෙනු ඇත.

බීමතින් රිය පැදවීම, මත්ද්‍රව්‍ය භාවිතකර රිය පැදවීම සහ නොසැළකිලිමත් හෝ භයානක රිය පැදවීමේ පුරුදු ඇතුළු ඉහළ අවදානම් හැසිරීම් මෙම පරික්ෂා කිරීම්වල ඉලක්කය වනු ඇත.

රාත්‍රී කාලයේ ධාවනය වන බස් රථ සහ අනෙකුත් වාහන නිරීක්ෂණය කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා විවිධ පොලිස් කොට්ඨාස හරහා උපායමාර්ගික ස්ථානවල විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට ද වැඩබලන පොලිස්පතිවරයා දැඩි උපදෙස් නිකුත් කර ඇත.

ඊට අමතරව, මාර්ගවල නොසැළකිලිමත් ලෙස ධාවනය කරන බස් රථ හඳුනාගෙන නීතිමය පියවර ගැනීම සඳහා පොලිස් යතුරුපැදි මුර සංචාර ඒකකවලට අනුයුක්ත නිලධාරීන්ට වගකීම පවරා තිබේ.