
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ලෙස සේවය කළ කසුන් වැල්ලහේවා වහාම ක්‍රියාත්මක වන පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස පත්කර ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුව, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් ප්‍රේමසිරි රත්නායක එම තනතුරින් ඉවත් කිරීමෙන් පසුව මෙම පත්වීම සිදුකර ඇත.
ප්‍රේමසිරි රත්නායක තම රාජකාරි නිසි ලෙස ඉටුකිරීමට අපොහොසත් වූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වගකීම් ඵලදායී ලෙස ඉටුනොකරන බවට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය කොමසාරිස් ජනරාල්වරයාට චෝදනා කර තිබිණි.
ඒ අනුව, අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, එබැවින් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart