May 1, 2025

අවුරුදු උත්සවයක ග්‍රීස් ගසක් සවිකරමින් සිටි තරුණයකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වේවැල්වත්ත තොණ්ඩමන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

ඔහු තවත් පිරිසක් සමගින් තොණ්ඩමන්පුර ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවයේ ග්‍රීස් ගස සවි කරමින් සිට තිබේ.

එහිදී එම ග්‍රීස් ගස අසල තිබූ විදුලි රැහැන් මතට කඩාවැටීමෙන් අදාළ තරුණයාට විදුලිසැර වැදී ඇතැයි පොලීසිය පවසයි.