
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (31) අලුයම 5.30 ට පමණ කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ලර් පැවසීය.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, වෙඩිතැබීම සඳහා T-56 ගිනි අවියක් භාවිත කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මියගිය පුද්ගලයා කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුගේ පුත්‍රයා වන අරුත් මෙන්ඩිස් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart