
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තියුණු ආයුධවලින් පහර දී පුළුස්සා ඝාතනය කරන ලද තරුණයකුගේ මළසිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් විදේශගතව සැඟව සිටින අයි.ඩී. නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතයන් දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි තරුණයෙකි.
තම පුතු අතුරුදන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් 29 දා රාත්‍රී ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අතරතුර ‘මොරටුව පාතාලයේ ‘ නමින් තිබෙන සමාජ මාධ්‍යයේ පිටුවේද මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව තොරතුරු ප්‍රසිද්ධ කර තිබූ බවත්, ඒ ඔස්සේ පොලිසිය විමර්ශන සිදුකරමින් සිටියදී ලද තොරතුරකට අනුව මළසිරුර සොයාගෙන ඇත.
මෙම පුද්ගලයා ආයුධවලින් පහරදී ඝාතනය කර අනතුරුව මුහුණ ඇතුළු ශරීරයේ ස්ථාන කීපයක් පුළුස්සා දමන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධව සිටි බව කියන මෙම පුද්ගලයා අවස්ථා කීපයකදීම පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් දැඩිව අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය සඳහන් කරයි.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අයි.ඩී. නමැත්තාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති මෙම තරුණයා ඔහුගෙන් දුරස්ව එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධන්ධ පුද්ගලයන් පාවාදීම ඝාතනයට හේතුවන්නට ඇති බව ද පොලිසිය කියයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart