
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිසියට ඔත්තු ලබාදුන්නා යැයි සැක සිතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු විසින් වයෝවෘද්ධ කාන්තාවක දූෂණය කර ඇතැයි පොලිසිය කියයි.
හංවැල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් ඔත්තු ලබාදුන්නැයි ඇතිවූ සැකයක් මත මත්ලෝලියකුට මත්ද්‍රව්‍ය පානයට මුදල් ලබා දී (71) වියේ පසු වන වයෝවෘද්ධ කාන්තාවක් දූෂණයට ලක්කිරීමට උපදෙස් ලබාදුන් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ මත්ලෝලියා (14) වන දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
ලද තොරතුරක් මත මත්ලෝලියා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ දීර්ඝ විමර්ශනයේදී සිද්ධියේ ප්‍රධාන මොළකරු වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද අත්අඩංගුට ගත් බවත් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 300 ක් ද සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවද පොලිසිය පවසයි.
සිද්ධියට මුහුණ පෑ වයෝවෘද්ධ කාන්තාව මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට නිරතුරුවම පොලිසිය මගින් වටළන බැවින් ඊට යාබදව නිවසේ තනිව පදිංචිව සිටි වයෝවෘද්ධ කාන්තාව පොලිසියට ඔත්තු ලබාදීම හේතුවෙන් නිතරම වැටළීම් සිදුවෙනවා යැයි ඇතිවූ සැකයෙන් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
තමන්ගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි මත්ලෝලියකුට ජාවාරම්කරු ඒ බව පවසා වයෝවෘද්ධ කාන්තාව දූෂණයට ලක් කළහොත් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට රුපියල් 20000/= ලබාදෙන බවට පොරොන්දු වී එම පුද්ගලයා ලවා එම අපරාධය සිදුකර ඇති බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රධාන සැකකරු පැවසූ බවද පොලිසිය පවසයි.
කටයුත්ත සිදුකිරීමට කැමැත්ත ප්‍රකාශ කළ මත්ලෝලියා ප්‍රධාන සැකකරුගේ නිවස ආසන්නයේ ඇති වෙළෙඳසැලකින් ගම්ටේප් රෝල් දෙකක් මිලදීගෙන දහවල් කාලයේදී කාන්තාවගේ නිවස වෙත පැමිණ “බෝඩිම්” කාමර තිබේ දැයි විමසා ඇති බවත්, වයෝවෘද්ධ කාන්තාව නොමැති බවට පැවසීමෙන් අනතුරුව වතුර වීදුරුවක් ඉල්ලා උපක්‍රමශීලීව කාන්තාව මුළුතැන්ගෙට යවා ඇයගේ පසුපසින් ගොස් දැලි වලං ඇල්ලීම සඳහා යොදාගන්නා රෙදි කැබලි කිහිපයක් රැගෙන ඇයගේ කටට ඔබා අනතුරුව කාන්තාවගේ මුඛය වැසෙන පරිදි ගම් ටේප් අලවා එලෙස අතවර කර තිබූ බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
එම සිද්ධියෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මත්ලෝලියා වෙත පොරොන්දු වූ රුපියල් 20000/= ක මුදල ද ලබා දී ඇතැයිද විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අදාළ අපරාධය සම්බන්ධයෙන් එම කාන්තාව කරන ලද පැමිණිල්ලකට අනුව බස්නාහිර දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්11 ක්ද සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම අපරාධය සිදුකිරීම සඳහා උපදෙස් ලබා දුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13200 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart