
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ නිෂ්පාදිත නවීන මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 15ක් සහිත පතරොම් ගැබක් සිය අත්බෑගයේ සඟවාගෙන සිටි ඉංගිරිය ප්‍රදේශයේ කාන්තාවක් ඉංගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව 54 හැවිරිදි ඉංගිරිය, හඳපාන්ගොඩ, අරකාවිල පදිංචිකාරියක් වන අතර ඇගේ සැමියා වරායේ සේවකයකු වේ.
මේ සම්බන්ධව පුළුල් විමර්ශනයන් ඉංගිරිය පොලිසිය ඊයේ (24) ආරම්භ කර තිබේ .
119 හදිසි ඇමතුම් අංකයෙන් ලැබුණු දුරකථන පණිවුඩයකට අනුව අදාළ කාන්තාවගේ නිවෙසට ගිය ඉංගිරිය පොලිසියේ කණ්ඩායමක් මේසය මත තිබූ අත්බෑගයේ තිබී ගිනි අවිය හමුවී ඇති අතර වැඩිදුර සෝදිසි කිරීම් වලදී ජීව උණ්ඩ 15ක් සහිත පතරොම් ගැබක් සොයාගෙන ඇත.
පිස්තොල සම්බන්ධගෙන් ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ ත්‍රීවීල් රථ රියැදුරකු විසින් ගිනි අවිය ලබා දී ඇති බවත්, සැකකාරිය සහ ත්‍රීවීල් රියැදුරා අතර ඇති කිසියම් සබඳතාවක් මත මෙම ගිනි අවිය ඇය වෙත ලබාදී ඇති බවත් ය.
ඒ අනුව, පොලිසිය විසින් එම ත්‍රීවීල් රථ රියැදුරා ඊයේ (24) දහවලේ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ගිනි අවිය පස් ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයකු විසින් ලබා දී ඇති බවයි.
ගිනි අවිය ලබාදුන් පුද්ගලයා සොයා පොලිස් විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති අතර ගිනි අවිය ප්‍රවාහනය කිරීම සම්බන්ධව සහ එම ගිනි අවිය යොදා සිදු කළ අපරාධ ඇත්නම් ඒවා හෙළිකරගැනීම සම්බන්ධව ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart