
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවාහ වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාවේ වෛද්‍යවරියක විසින් සිය පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ සරන් දිස්ත්‍රික්කයෙනි.
මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත වෛද්‍යවරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සිද්ධියට මුහුණ දුන් තරුණයා මධෞරා ප්‍රදේශයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු බව පැවසේ.
ඔහු මේ වන විට පට්නා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ඔහු සඳහන් කර ඇත්තේ ඔවුන් පසුගිය වසර පහක කාලය තුළ පෙම් සබඳතාවක් පැවැත්වූ නමුත් තමන් ඇයව විවාහ කර ගැනීමට අකමැති වූ බවයි.
අවසානයේ නෛතික විවාහයකට එකඟ වන ලෙස ඇය ඔහුව පොළඹවා ගත්තද නියමිත දිනයේ පෙනී සිටීමට ඔහු අපොහොසත් වී තිබේ.
පළිගැනීමක් ලෙස ඇය ඔහුට තම නිවසට ආරාධනා කර ඔහු පැමිණි විට ඔහුගේ රහස් අවයව කපා දමා ඇති බව පැවසේ.
ඔහුගේ කෑගැසීම ඇසී අසල්වාසීන් පොලිසියට දැනුම් දී ඇති අතර, ඔහු රුධිරයෙන් වැසී ගිය ඇඳක් මත වැටී සිටිනු දැක තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍යවරිය හාජිපූර්හි පදිංචි 25 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
ඇය වෛද්‍ය සේවයේ නියැළී ඇත්තේ මධෞරා ප්‍රදේශයේය.
වින්දිත තරුණයා ද අවිවාහක අයකු බව මධෞරා පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart