
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක ඉදිරිපස රෝදය රථය ධාවනය වෙමින් තිබියදී ගැලවී යෑම හේතුවෙන් අසල වෙළෙඳසැලකට අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුර ඊයේ සිදුව ඇත.
පොලිසිය පවසන්නේ, යටියන්තොට සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රෝදය ගැලවී ගොස් ඇති බවයි.
ගැලවී ගිය රෝදය නිසා ත්‍රිරෝද රථයකට සහ පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට හානි සිදුවී ඇතත්, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.
කඩ හිමියා සහ ත්‍රිරෝද රථ හිමිකරු විසින් ගැලවී ගිය රෝදය යටියන්තොට පොලිසියට භාරදුන් අතර, සිදුවූ අලාභහානිවලට වන්දි නොගෙවා බස් රථය එම ස්ථානයෙන් ඉවතට ගෙනයෑමට ඉඩ නොදෙන බව සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart