
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ ඇති ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ කොළඹ 10 අශෝක විද්‍යාලයට බදුදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙත ලබාදෙනු ඇත.
එසේම, අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60ක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ – 10, අසෝක විද්‍යාලය වෙතත් ඉඩම් කොමසාරිස් ජනරාල් මඟින් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart