
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඡන්දය ලබාගැනීම සඳහා හදිසියේ ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලනඥයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානයට සහ දෙමළ ජනතාවට අවවාද කරයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මුල සිටම සහාය දක්වන දේශපාලන පක්ෂ සහ ඊට එරෙහි වූ පක්ෂ දෙමළ ජනතාවට විශ්වාස කළ හැකි නමුත් මැතිවරණයකට මොහොතකට පෙර ප්‍රතිපත්ති වෙනස් කරන පිරිස් ගැලරියට පමණක් ප්‍රකාශ නිකුත් කරන බවද ඔහු පවසයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය දුන් දේශපාලන පක්‍ෂම දැන් වෙනස් වී ඇතැයිද මෙයද මෙම පක්ෂවල දෙබිඩි පිළිවෙතට සාක්ෂියක් බවත්
ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මෙම ප්‍රකාශය කර ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්, තමා බලයට පත්වීමෙන් අනතුරුව 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට දෙමළ ජනතාවට ප්‍රතිඥා ලබාදී දින කිහිපයකට පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart