
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයෙන් රජයට ගිවිසුමක් (government-to-government deal) යන පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව සොයාබැලීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් එමීර බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
මීට පෙරද මෙවැනිම යෝජනාවක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් වී තිබුණත් එවක පැවැති ආණ්ඩු ඒ සඳහා කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නොතිබිණි.
එවැනි තෙල් මිලදී ගැනීමේ ගනුදෙනුවක් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක වන්නේ, තෙවැනි පාර්ශ්ව හරහා ඉන්ධන ආනයනය කිරීමේදී වැයවන අමතර වියදම ඉතිරි කරගත හැකි බැවිනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Mohamed bin Zayed Al Nahyanගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 10 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.
සිය සංචාරයේදී ඔහු ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
තෙල් මිලදී ගැනීම් සඳහා වන රජයේ ඉදිරි පියවර පිළිබඳව Daily Mirror විමසූ විට, බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියකු ජනමාධ්‍ය වෙත තහවුරු කර ඇත්තේ රජය එවැනි ගිවිසුමකට එළඹීම සඳහා අදහස් කරන බවයි.
කෙසේවෙතත් ගනුදෙනුව සම්බන්ධයෙන් එම නිලධාරියා වැඩි විස්තර අනාවරණ නොකළ බව වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ද නව රජය පියවර ගෙන ඇති අතර දැනටමත් චීනයේ සිනොපෙක් සමාගම සමඟ හම්බන්තොට තෙල් පිරිපහදුවක් සඳහා ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක් සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart