
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාකයේ ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නමැති කාන්තාව ඝාතනය කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩිතබා මෙලෙස ඇයව ඝාතනය කර ඇත.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩිතබා පළාගොස් ඇති බව ඉරාක පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.
ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් උම්ම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart