
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට බන්ධනාගාරවල රඳවා සිටින ඉන්දීය ධීවරයින් හමුවීමට සහ ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් ඉන්දීය නියෝජිතයින් කණ්ඩායමක් පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා අනුව රාමේෂ්වරම් හි සාම්ප්‍රදායික ඉන්දීය ධීවර සුභසාධක සංගමයේ සභාපති වී.පී.සේසුරාජා ඇතුළු පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එලෙස තිරුචි සිට ගුවන් මගින් කොළඹ බලා පැමිණීමට නියමිතව තිබේ.
රාජසන්තක කරන ලද ධීවර යාත්‍රා පරීක්ෂා කර මෙරට ධීවර අමාත්‍යවරයා හමුවී, සිරගත කර සිටින ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට ඔවුන් සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart