
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම (FTA) යටතේ ආනයනය කරන භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.
10% ක්ව පැවති වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද මාර්තු 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 6% දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද කිරි ආහාර හැරුණු විට සිමෙන්ති වර්ග කිහිපයක්, ඇපල් ඇතුළු පළතුරු වර්ග සහ ළදරු ආහාර වර්ග සහ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ආනයනය කරන ලද තවත් භාණ්ඩ රැසකට අදාළ බද්ද කපා හැර තිබේ.
අදාළ නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ආනයනය කරන ඖෂධ, ශල්‍ය උපකරණ, විදුලි උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් සහ ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අය කෙරෙන බදු සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇත.
කෙසේවෙතත්, 2022 දෙසැම්බර් 31 දිනැති අංක 2312/67, 2023 අප්‍රේල් 03 දිනැති අංක 2326/2, 2023 සැප්තැම්බර් 21 දිනැති අංක 2345/50 සහ දෙසැම්බර් 31 දිනැති අංක 2364/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනවල ප්‍රකාශයට පත් කරන ලද අනුපිළිවෙලෙහි දක්වා ඇති වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු අනුපාතය, 2023 දෙසැම්බර් 31 දිනැති අංක 2364/37 ශ්‍රී ලංකා-සිගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ ආනයනය කිරීමේ දී හැර කිසිදු වෙනසක් නොමැතිව දිගටම අය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart