
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කර ගැනීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මෙම වන විට සිදුකර ඇති බවත් සම්පූර්ණ ශක්‍යතාව අධ්‍යයනය කිරීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඊයේ (16) මන්නාරම රදගුරු නිල නිවසේ දී බැහැදුටු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබිණි.
අතිරේක පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි සම්බන්ධතාවක් ඇති කර ගැනීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදුවෙමින් පවතින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මන්නාරම රදගුරු හිමියන් මෙහිදී අගය කළ බවයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද උන්වහන්සේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබේ.
මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධන සැලසුම් පිළිබඳව ද පර්යේෂණ කෙරුණු අතර පරිසර හිතකාමී එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇත.
මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් සහ මන්නාරම බලකොටුව සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලුම ක්ෂේත්‍රවල පුළුල් සංවර්ධනයක් සිදු වනු ඇති බවයි.
මන්නාරම ධීවර ජනතාවගේ ගැටලු කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස මෙහිදී මන්නාරම රදගුරු හිමිපාණන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart