
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ හා තවත් ගොඩනැඟිල්ලක තිබී රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වටිනා ලැප්ටොප් පරිගණක තුනක්, ටැබ් එකක් හා ජංගම දුරකතන තුනක් සොරකම් කළ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවකු කිරිබත්ගොඩ පොලිසිය පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී එම සරසවි සිසුවා විසින් සොරකම් කළ එම භාණ්ඩ කිරිබත්ගොඩ හා කඩවත උකස් භාණ්ඩ මිලයට ගන්නා ආයතනවලට උකස් කර තිබී සොයාගෙන තිබේ.
මේ ලැප්ටොප් පරිගණක, ටැබ් එක හා ජංගම දුරකතන කැලණිය විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකුගේ හා සිසුවියකුගේ බවද හෙළිව ඇත.
මේ සැකකාර සරසවි සිසුවා සිය මිතුරු සිසුන් හමුවීම සඳහා වරින්වර එම විශ්ව විද්‍යාලයට පැමිණ තිබෙන අතර, ඒ අවසරයෙන් ඔහු මේ භාණ්ඩ සොරකම් කරගෙන රැගෙන ගොස් ඇත.
මේ භාණ්ඩ නැතිවීමෙන් පසුව විශ්ව විද්‍යාලයට නිතර නිතර මිතුරු සිසුන් හමුවීම සඳහා පැමිණි එම සැකකාර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සොරකම අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart