
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොලොම්බියානු සුපිරි ගායිකා ෂකීරාගේ පිළිරුවක් ඇයගේ උපන් ගම වන බැරන්කිලා හි විවෘත කර තිබේ.
මීටර් 6.5 (අඩි 21.3) උසැති ලෝකඩයෙන් නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාව පසුගිය අඟහරුවාදා නිරාවරණය කර ඇත.
ඒ සඳහා ෂකීරාගේ දෙමාපියන් වන, විලියම් මෙබරක් සහ නිඩියා රිපෝල් මෙන්ම බැරන්කිලා නගරාධිපතිවරයාද සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රතිමාව ඉදිකර ඇත්තේ, ඇයගේ ජනප්‍රිය ‘Hips Don’t Lie’ වීඩියෝ පටයේ නිරූපණය කරන ලද නර්තන විලාසය දැක්වෙන ආකාරයෙනි.
වාර්තාවලට අනුව, ගූගල්හි වැඩිපුරම සෙවූ නම් අතර ෂකීරාගේ නමද ඇතුළත්වන බව අනාවරණය වී තිබේ.
උපන් බිමේ සිය ප්‍රතිමාවක් ඉදිකිරීම පිළිබඳව ෂකීරා විසින් මූර්ති ශිල්පී Yino Marquez සහ ඔහුගේ සිසුන්ට ස්තුතිය පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart