
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මගී යාත්‍රා සේවාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මන්නාරම ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ, මගී ප්‍රවාහන යාත්‍රා සේවාව කඩිනම් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බවයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර මගී යාත්‍රා සේවා කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව වාර්තා විය.
රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර යාත්‍රා සේවා 1914 සිට 1964 දක්වා ක්‍රියාත්මක වූ අතර, ධනුෂ්කොඩි ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවකින් පසු එය අත්හිටුවනු ලැබිණි.
1969 සිට 1984 දක්වා එම සේවාව නැවත ආරම්භ කළ ද මෙරට පැවැති යුද්ධය හේතුවෙන් පැනනැගුණු ආරක්ෂක ගැටළු හේතුවෙන් සේවාව නැවත නතර විය.
ඒ හමුවේ ඉන්දීය රජය 1984 දී යාත්‍රා මෙහෙයුම් අත්හිටුවන ලද අතර, ඒ අනුව පසුගිය වසර 42 තුළදී එම යාත්‍රා සේවය ක්‍රියාත්මක නොවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart