
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සමාසාධක මෙහෙයුම් සඳහා අනුයුක්ත කරන ලද එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරිවල නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනෙන් එක් හෙලිකොප්ටර් යානයක් බ්‍රියා (Bria) නගරයට ගුවන් සැතපුම් 140ක් ඊසාන දෙසට වන්නට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට අදාළ භාණ්ඩ ප්‍රවාහනය කරන මෙහෙයුමකදී ඊයේ දින (12) උදෑසන 9.30ට පමණ අනතුරට පත්ව ඇත.
අධික දුවිලි සහිත අයහපත් කාලගුණික තත්වයක් හේතුවෙන් එම එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනා හට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර හෙලිකොප්ටර් යානාවට පමණක් අලාභහානි සිදුව ඇත.
මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරියේ නියුතු නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් එම ස්ථානය වෙත යොමුකර ඇති අතර, ගුවන් හමුදා මූලස්ථානයෙන් නම් කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්ද පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart