
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයකු අනතුරකින් මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.
අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04 වැනිදා රැකියා සඳහා කාම්බෝජය බලා පිටත්ව ගොස් තිබේ.
ඉහළ මහලකින් බිමට ඇඳ වැටීමකින් පසුගිය මස 22වැනිදා ඔහු මියගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් දැනුවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඔහුගේ මෘත දේහය දිවයිනට රැගෙන එන්නේද නැතහොත් කාම්බෝජයේදී අවසන් කටයුතු කරන්නේද යන්න පිළිබඳව ඥාතීන්ගේ ප්‍රතිචාර අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart