
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ පර්ත් අගනුවර සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු නාඳුනන පුද්ගලයකුගේ පහරදීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
ගීත් මධුශංක නම් 28 හැවිරිදි ඔහු මැයි 25 වන දින රාත්‍රී 10ට පමණ පර්ත්හි Langford හි BP ඉන්ධන පිරවුම්හලකදී ප්‍රහාරයට ලක්ව තිබේ.
30 හැවිරිදි Cyril Benedict Garlett නම් පුද්ගලයකු එම පහරදීම සිදුකර ඇති බව එරට පොලිසිය සදහන් කරයි.
එම නිලධාරීන් පවසන්නේ, හෙතෙම එදිනට පෙර තවත් මිනිසුන් දෙදෙනෙකුට පහර දී ඇති බවයි.
සිද්ධියෙන් සතියකට පසුවත් මධුශංක රෝයල් පර්ත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඔහුගේ ප්‍රතිකාර සඳහා GoFundMe හි මුදල් රැස්කරන අතර, මේ වනවිට ඩොලර් 9,000ක් එකතු කර තිබේ.
බරපතල ලෙස තුවාල කිරීම, ශාරීරික හානියක් සිදු කරන පහරදීම් සහ සාපරාධී හානි හෝ දේපල විනාශ කිරීම යන චෝදනා Garlett නම් පුද්ගලයාට එල්ල වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart