
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක දන්ත වෛද්‍ය සම්මේලනය විසින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු 20වැනි දිනට ප්‍රකාශයට පත් කර ඇත. ලෝකයේ ජනගහණයෙන් බිලියන 3.5ක් කුමන හෝ මුඛ රෝගයකින් පීඩාවිදිති.
ශ්‍රී ලංකාවේ පසුගිය ජාතික මුඛ සෞඛ්‍ය සමීක්‍ෂණ වාර්තාවට අනුව අවුරුදු 05ක් වයස දරුවන්ගෙන් සියයට 63ක් දත් දිරායෑමට ගොදුරු වී ඇත.
පිරිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාවයි.
වැඩිහිටියන් සියයට 11.3කගේ සියලුම දත් අහිමි වී ඇත. මීට අමතරව විද්‍යානූකූල පර්යේෂන අනුව මුඛ රෝග සහ කායික රෝග අතර සම්බන්ධතාවයන් තහවුරු කර තිබේ.
මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දින තේමාව වන්නේ ‘සතුටු මුවයි – සුවැති සිරුරයි‘ යන්නයි.
ශ්‍රී ලංකාවේ දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් රාත්‍රියට නින්දට යාමට පෙර දත් නොමදින බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසයි.
කෙසේවෙතත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර සීමාවකින් තොරව ලබාදෙන ලොව එකම රට ශ්‍රී ලංකාව බව විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක කියාසිටියේ, අදට(20) යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති ජනමාධ්‍ය හමුවේ දී ය.
එසේම මෙහිදී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් වසරකට සීනි කිලෝ 39ක් එනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මෙන් තුන්ගුණයක් පරිභෝජනය කරන බවය.
මෙයට එක් වෙමින් ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ මහත්මිය කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 88 ක එකදු පාසැල් දන්ත චිකිත්සක නිලධාරිනියක්වත් නොමැති බවය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart