
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දන්ත වෛද්‍යවරියක වූ රහවි වර්තරාජන් නෝර්වේහිදී ඝාතනයට ලක්ව තිබේ.
ඇය විදේශගතවීමට පෙර යාපනයේ පදිංචිව සිටි තැනැත්තියකි.
පසුගිය ජනවාරි 2 වැනි අඟහරුවාදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඇයගේ පැරණි පෙම්වතාටය.
30 හැවිරිදි ඇය නෝර්වේ එල්වෙරුම්හි රෝහල අසල මෝටර් රථයක් තුළදී වෙඩිතබා ඝාතනය කර ඇත.
ඇය තම පවුලේ සාමාජිකයකු බැලීම සඳහා ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දි රෝහලෙන් පිටත ඇගේ මෝටර් රථය තුළ දී වෙඩිතැබීම සිදුකර තිබේ.
නෝර්වේ ඔස්ලෝහි පිහිටි විශාලතම රෝහල වෙත ගුවන් මගින් ඇය රැගෙන යාමෙන් පසු පසුගිය අඟහරුවාදා (02) මියගොස් ඇත.
මෝටර් රථයේ සිටි වයස අවුරුදු 32ක පුද්ගලයකු ද වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලබා සිට ඇති අතර දන්ත වෛද්‍යවරිය ඝාතනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
තුවාල ලබා සිටි ඔහු පසුව රෝහලේදී මිය ගියේය.
ඝාතනයට ලක් වූ දන්ත වෛද්‍යවරිය සහ මියගිය පුද්ගලයා ඔස්ලෝ නගරයේ පදිංචිව සිට තිබේ.
රහවි දන්ත වෛද්‍යවරිය ඔස්ලෝහිදී දන්ත වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර, පවුලේ අය පවසන පරිදි ඇය රැකියාවෙන් ඉතා සතුටට පත්ව සිටි තැනැත්තියකි.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ මියගිය පුද්ගලයා මීට වසරකට පමණ පෙර කෙටි කාලීන සබඳතාවක් පවත්වා ඇති බව පොලිසිය පවසයි.
ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයකුගෙන් විවිධ හිරිහැවලට ලක්වන බවට නෝර්වේ පොලීසිය වෙත ඇය පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කර තිබී ඇත.
ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පුරුෂයාට කාන්තාව බැලීමට යෑම තහනම් කර තිබේ.
එම තහනම මුලින් මාස හයකටත් පසුව තවත් වසරක් දක්වාත් දීර්ඝ කරන ලදී.
මේ අනුව, ඔහුට 2024 ඔක්තෝබර් මස අවසානය දක්වා කාන්තාව බැලීමට යෑම තහනම් කර තිබිණි.
රහවිට සම්බන්ධ තහනම් නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව නඩු දහයක් විවෘත කර ඇති බව ඔස්ලෝ පොලිසිය දන්වා තිබේ.
නඩු නවයක් මැයි මස ආරම්භයේ සිට අගෝස්තු මස ආරම්භය දක්වා කාලයට අදාළ වන අතර ඔහු දෙසැම්බර් මාසයේදී තවත් වරක් තහනම බිඳ දැමූ බව කියනු ලැබේ.
සිද්ධියෙන් පසු පොලසිය භාරයට ගත් අවිය රිවෝල්වරයක් වන අතර එහි අයිතිය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
ඔවුන් දෙදෙනා සොයාගත් මෝටර් රථයේ තිබූ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.
මරණ පරීක්ෂණ වාර්තාවෙන් ප්‍රකාශ කෙරෙන්නේ දෙදෙනාම වෙඩි වැදීමෙන් මිය ගිය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart