
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ අද උදෑසන 09.20ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
ස්කූටරයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු පිස්තෝලයක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූවන් රෝහල් ගතකර ඇති අතර, දෙදෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග සඳහන් කරයි.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ප්‍රහාරයට ලක්වූවන් නඩුවක සාක්ෂිකරුවන් වන අතර ඔවුන් නඩු විභාගයක් සඳහා අධිකරණයට යමින් සිට ඇති බවයි.
මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart