
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් වශයෙන් පුද්ගලයකුගෙන් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart