
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි රුසියානු ජාතිකයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේදී කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පැවසුවේ, බස් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
බස් රථයේ ඉදිරි කොටසේ සිටි රුසියානු ජාතිකයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
බස් රථයේ ඉදිරි කොටසේ සිටි තවත් විදේශීය යුවළක් ද තුවාල ලබා ඇත.
ඔවුන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පින්නදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart