May 6, 2025

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ කාණු­වක් තුළ තිබී රිවො­ල්ව­ර­යක් හමුවී ඇත.

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ එල් වාට්ටුව පිටු­පස අප­ජ­ලය බැස යන කාණු­වක් අසල ඊයේ (05) පස් ඉවත් කිරී­මේදී 0.38 (විශේෂ) වර්ගයේ මෙම රිවො­ල්ව­රය හමු වී තිබේ.

බොරැල්ල පොලි­සි­යට කළ දෑනු­ම්දී­ම­කට අනුව පැමිණි පොලිස් නිල­ධා­රීන් මේ පිළි­බඳ විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව බන්ධ­නා­ගා­රයේ උසස් නිල­ධා­රි­යෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

මේ සම්බ­න්ධ­යෙන් වැලි­කඩ බන්ධ­නා­ගා­රය මගින් ද විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව ඔහු සඳ­හන් කර තිබේ.

එම රිවො­ල්ව­රය වසර කිහි­ප­යක් පස්ව­ලට යට වි තිබී ඇති බව බොරැල්ල පොලි­සිය සඳ­හන් කරයි.

එහි අංකය ඔස්සේ එම අවිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන පව­ත්වන බව පොලි­සිය සඳ­හන් කරයි.