
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය බැංකු කිහිපයකට රුපියල් මිලියන 42කට අධික ණය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ‍්‍රාමික විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අධ්‍යාපනඥයන් නොවන පුද්ගලයන් 26 දෙනෙකු වෙනුවෙන් ගුරුවරුන්ට පමණක් ණය ලබා ගැනීම සඳහා ඇති ගුරුසෙත ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලෙස ලියකියවිලි සකස්කර ඇති බව විමර්ශන මගින් හෙළිවී ඇත.
මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම් බැංකු නිලධාරියකු විසින් හෙළිකරගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.
හිඳගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයා ණයලාභීන්ගෙන් පෞද්ගලිකව කොමිස් මුදල් ලබාගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart