
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදට පැමිණ ධීවර කටයුතුවල යෙදීමට අවසර දෙන ලෙස තමිල්නාඩු රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කළේය.
තමිල්නාඩු ධීවර ඇමැතිවරිය වන අනීතා රාධක්‍රිෂ්ණන් දුරකථන සංවාදයකදී එවැනි ඉල්ලීමක් කළ බව ඔහු කියාසිටියේය.
එම දුරකථන සංවාදයේදී තමිල්නාඩු ධීවර ඇමැතිවරිය අදාළ ආරවුල විසඳන තෙක් සීමාසහිත කාලසීමාවකට ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට අවසර ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
ඇමැති ඩග්ලස් දේවානන්ද සඳහන් කළේ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදට නොපැමිණෙන බවට තමිල්නාඩු රජය සහතික වූ විට පමණක් ධීවර ආරවුල විසඳිය හැකි බව තමන් තමිල්නාඩු ඇමැතිවරියට දැනුම් දුන් බවයි.
මේ අතර,ධීවර ආරවුල සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා විදේශ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.
ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ආරවුල පිළිබඳ අවසන් සාකච්ඡාව පැවතියේ 2022 මාර්තු මාසයේදීය.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට නැවත නැවතත් ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඉන්දීය ජාතිකයන් පස් දෙනෙකුට මෙරට අධිකරණයක් පසුගියදා දඬුවම් නියම කළේය.
මෙම ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට යාත්‍රා කිරීම සඳහා GPS උපකරණ භාවිත කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ඇතුළු විවිධ ප්‍රදේශවල ධීවරයන් විරෝධතා ව්‍යාපාරවල නිරත විය.
මීට අමතරව පසුගිය සෙනසුරාදා යාපනයේ ධීවරයන් කළු කොඩි ඔසවා විරෝධය පළ කරමින් ඉන්දීය – ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබිණි.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කළේ, ශ්‍රී ලංකා ධීවරයන්ගේ විරෝධතා හේතුවෙන් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම අවම වී ඇති බවයි.
කෙසේවෙතත්, මෙම උත්සාහයන් නොතකා, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම වසරේ මුල් මාස දෙක තුළ ඉන්දීය ධීවරයන් 88 දෙනෙකු සහ බෝට්ටු 12ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart