
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්ත විරෝධී මෙහෙයුම අතරතුර පාකිස්තාන ආරක්ෂක හමුදා තම නිවාස සහ මුස්ලිම් පල්ලි ඉලක්ක කරගත් බවට චෝදනා කරමින් බජාවුර් හි කාර් තෙසිල් හි ගම්මාන කිහිපයක ප්‍රදේශවාසීන් වීදි බැස විරෝධතා දැක්වා තිබේ.
බජාවුර්-පෙෂාවර් අධිවේගී මාර්ගය ඔස්සේ කොසාර් ප්‍රදේශයේ මෙම විශාල විරෝධතාවය පැවති අතර, ලෝරා බන්ඩා, ෂාගි, කොසාර්, ජනත් ෂා, ගාලෝ කාස්, ගූරෝ සහ අවට ප්‍රදේශවලින් පැමිණි ජනතාව ඊට සහභාගී වූ බව පකිස්තාන ජනමාධ්‍ය වාර්තා කළේය.
එහිදී විරෝධතාකරුවන්, පැය ගණනක් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සියලුම වාහන ගමනාගමනය නතර කළහ.
ඔවුන් චෝදනා කළේ හමුදාව සිවිල් වැසියන්ගේ නිවාස සහ මුස්ලිම් පල්ලිවලට බර අවි ප්‍රහාර එල්ල කළ බවයි.
එමඟින් ප්‍රදේශවාසීන් අතර භීතියක් ඇති වූ අතර පවුල්, විශේෂයෙන් කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් අනතුරේ දැමූ බව ද විරෝධතාකරුවන් චෝදනා කලහ.
රැස්ව සිටි පිරිස අමතමින්, PTI හි කලීලූර් රෙහ්මාන්, ANP හි ෂා නසීර් ඛාන් සහ සයිඩ් සාදික් අක්බර් ජාන් වැනි දේශපාලන පක්ෂවල නියෝජිතයින් ප්‍රහාර හෙළා දුටු අතර, ඒවා ප්‍රාදේශීය ප්‍රජාවන් සහ බලධාරීන් අතර ඇති කරගත් අවබෝධය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වූහ.
දේශීය ජනතාවට එරෙහි මෙවැනි ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග මහජන විශ්වාසය පළුදු කරන බවත් කලාපය තවදුරටත් අස්ථාවර කරන බවත් විරෝධතාකරුවන් චෝදනා කලහ.
පකිස්තාන ජනමාධ්‍ය උපුටා දක්වන ලද පරිදි, බජාර් පුරා පවතින නොසන්සුන්තාව දෛනික ජීවිතයට සහ ජීවනෝපායන්ට දැඩි ලෙස බලපා ඇති ආකාරය සහ පදිංචිකරුවන් නිරන්තරයෙන් අලුත් ප්‍රහාරවලට බියෙන් ජීවත් වන ආකාරය ද ඔවුන් ඉස්මතු කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart